ආපදා මරණ 334ක් දක්වා ඉහළට, තවත් පුද්ගලයින් 370ක් අතුරුදන්

සමස්ත දිවයිනටම බලපෑ ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

එම මධ්‍යස්ථානය පවසන්නේ තවත් පුද්ගලයින් 370 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි.

මින් වැඩිම මරණ සංඛ්‍යවක් මහනුවර මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 88ක් ලෙසයි.

ඉඔට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 68ක්, කුරුණෑගලින් මරණ 37ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 23ක් සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මරණ 12 වාර්තා වනවා.

මේ අතර පවුල් 309,607කට අයත් පුද්ගලයින් 1,118,929 අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින අතර, සුරක්ෂිත මධ්‍යස්ථාන 1,494ක් ක්‍රියාත්මක බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

එම සුරක්ෂිත මධ්‍යස්ථානවල පවුල් 55,747ක පුද්ගලයින් 196,790 දෙනෙක් රඳවා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39