ආපදාවක දී සිදුවන ජීවිත හානිවලට මෙතෙක් ගෙවූ වන්දි මුදල ඉහළට

දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (21) පැවැත්වුණා.

ඒ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදියි.

ආපදා හේතුවෙන් සිදු වන ජීවිත හානි වෙනුවෙන් මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 250,000ක වන්දි මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට රජයේ අනුමැතිය හිමි ව ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව දිස්ත්‍රික්ක 18 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 127ක පවුල් 5821කට අයත් පුද්ගලයන් 19,032ක් ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වී ඇති බවයි.

මේ වනවිට ඔවුන් ආපදා සහන මධ්‍යස්ථාන 17ක රඳවා සිටින අතර, ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම වියළි හා පිසූ ආහාර සලාක ලබාදීමේ කටයුතු මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ආපදා හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇති අතර, පූර්ණ නිවාස හානි 10ක්, සුළු හෝ අර්ධ නිවාස හානි 438ක් මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හානි 25ක් හා වැදගත් යටිතල පහසුකම් 2ක් ද හානියට ලක් වී ඇති බව වාර්තා වී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආරක්‍ෂක අමාත්‍යාංශය යන ආයතනවල පූර්ණ අධීක්‍ෂණය යටතේ ආපදාවන්ට ලක් වී ඇති ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය හා අනෙකුත් සහන සේවා කණ්ඩායම් එක්ව පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක සහන සැලසීමේ කටයුතු මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතින බවත් අනාවරණය වුණා.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ආරක්‍ෂක ලේකම්වරයා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?