ආනයනික පළමු පොල් කිරි තොගයේ නිෂ්කාශන කටයුතු හෙට

මෙරටට ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගයේ නිෂ්කාශන කටයුතු සහ රසායනාගාර පරීක්ෂාව හෙට දිනයේ සිට සිදු කිරීමට නියමිතයි.

මෙම පොල් කිරි තොගය, 2025 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු පොල් ගෙඩි මිලියන 200 කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන (ශිතකල පොල් මද, පොල් කිරි හෝ පිටි, කුරුට්ට සහිත කැබලි පොල් (කොප්පරා නොවන)) ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ ගෙන්වන ලද පළමු තොගය වනවා.

ආනයනික මෙම පොල් කිරි තොගය පොල් කිරි පිටි කර්මාන්තය සඳහා යොදාගැනිමට නියමිත අතර, මේ තුළින් කර්මාන්ත සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය ලබාගෙන දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම ද්‍රව්‍ය කොළඹ වරායේදී, ශාඛ නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතනවලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්තශාලාවලට මුදාහැරීමට නියමිතයි.

එමෙන්ම මෙම තොගය විවෘත කිරීමේ අවස්ථාව හෙට (31) දින පෙරවරුවේ ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදි සිදුකරන බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
4
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?