ආනයනික පළමු පොල් කිරි තොගයේ නිෂ්කාශන කටයුතු හෙට

මෙරටට ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගයේ නිෂ්කාශන කටයුතු සහ රසායනාගාර පරීක්ෂාව හෙට දිනයේ සිට සිදු කිරීමට නියමිතයි.

මෙම පොල් කිරි තොගය, 2025 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු පොල් ගෙඩි මිලියන 200 කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන (ශිතකල පොල් මද, පොල් කිරි හෝ පිටි, කුරුට්ට සහිත කැබලි පොල් (කොප්පරා නොවන)) ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ ගෙන්වන ලද පළමු තොගය වනවා.

ආනයනික මෙම පොල් කිරි තොගය පොල් කිරි පිටි කර්මාන්තය සඳහා යොදාගැනිමට නියමිත අතර, මේ තුළින් කර්මාන්ත සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය ලබාගෙන දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම ද්‍රව්‍ය කොළඹ වරායේදී, ශාඛ නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතනවලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්තශාලාවලට මුදාහැරීමට නියමිතයි.

එමෙන්ම මෙම තොගය විවෘත කිරීමේ අවස්ථාව හෙට (31) දින පෙරවරුවේ ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදි සිදුකරන බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23