ආධාර රැගෙන ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් කටුනායකට (ඡායාරූප)

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව සඳහා ආධාර තොගයක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තවත් ගුවන් යානයක් අද (09) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන සී – 17 වර්ගයේ යානයක්.

අබුඩාබි නුවර සිට පැමිණි මෙම ගුවන් යානයේ මෙට්‍රික් ටොන් 27ක ආහාර ද්‍රව්‍ය මෙරටට ඒවා තිබුණා.

මෙම ආහාර තොගයේ 08 දෙනෙකුගෙන් යුත් පවුලකට දින 14ක් සදහා සෑහෙන ආහාර අඩංගු ඇසුරුම් 1,080ක් ඇතුළත්.

ආධාර තොගයක් රැගත් යානය පැමිණි අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය තානාපති රෂීඩ් අලි මසූරි ඇතුළු එම තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මේ අතර ඉන්දියාවේ ද ආධාර තොගයක් රැගත් තවත් ගුවන් යානයක් අද (09) පස්වරු 01.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඉන්දීය ගුවන් හමුදාව සතු සී – 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙම ආධාර රැගෙන දිවයිනට පැමිණි අතර, මෙම ගුවන් යානයෙන් මෙට්‍රික් ටොන් 61 ක් බරැති, අඩි 110ක් දිග බේලි යකඩ පාලමක් සහ කිලෝ ග්‍රෑම් 600ක් බරැති ඖෂධ තොගයක් ද මෙරටට රැගෙන ආවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

IMG 20251209 WA0242 scaled
IMG 20251209 WA0288 scaled
IMG 20251209 WA0274
20251209 141713
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ආණ්ඩුවට සහාය දෙනවා - නාමල් කියයි
03:46
Video thumbnail
ඕන රෙද්දක දාගනින් ගිහිල්ලා..ඔය බම්බුව විසි කරලා..අවිස්සාවේල්ල කෑම කඩේක උණුසුම් තත්ත්වයක්
00:59
Video thumbnail
හොරකම් කරන්නේ නැත්තම් කොන්ද කෙළින් තියාගෙන මේක කරන්න
11:03
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30
Video thumbnail
මෙන්න ලංකාවට වෙන්න යන නොසිතූ දේ..උතුරු, උතුරු මැද ,නැගෙනහිරට අද මිලි මිටර් 100ට වැඩි තද වැසි
06:22
Video thumbnail
රුසියානු තානාපතිවරයා සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
02:22


?