ආධාර තොගයක් රැගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 09 වන ගුවන් යානයත් ලංකාවට එයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් මෙරටට ආපදා ආධාර වශයෙන් ලබාදුන් භාණ්ඩ රැගත් එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

‘දසත නිවුස්’ ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ඊයේ (07) පස්වරුවේ මෙම ගුවන් යානය අබුඩාබි නුවර සිට පැමිණි බවයි.

ඉලුෂියන් අයි.එල්.- 76 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ මෙම යානය තුළ කිලෝ ග්‍රෑම් 13,482ක් බරැති ආධාර තොගයක් මෙරටට ඒවා තිබුණා.

මෙම ආධාර තොගය භාරගැනීම සදහා ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ශ්‍රී ලංකාව ආපදාවට පත් වූ පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරටට ආධාර රැගෙන පැමිණි 09 වන ගුවන් යානය මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?