ආදිවාසී නායකයාගෙන් CIDයට පැමිණිල්ලක් (වීඩියෝ)

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් අද (22) පැමිණිලක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ආදිවාසී සංස්කෘතියට නිඟාවන පරිදි නිර්මාණය කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ආදිවාසී නායකයා මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි ආදිවාසී නායකයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අදාළ වීඩියෝව මඟින් දීර්ඝ ඉතිහාසයක් ඇති ආදිවාසී සංස්කෘතිය දැඩි හානියක් සිදුව ඇති බවයි.

මේ අතර පසුගිය 18 වනදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් පැවසුවේ මෙම වීඩියෝව නිර්මාණය කළ සමාජ් මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනාට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
15
+1
1
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?