ආදිවාසීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිලා ඇත්තන් ඇතුළු ආදිවාසී ජන වර්ග කිහිපයක නායකයින් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ආදිවාසී ජන වර්ගයා ගේ අයිතිවාසිකම් කඩ වන අතර එම අයිතිවාසිකම් තහවුරු වන ලෙස නීත්‍යානුකූල පනතක් සම්මත කර තහවුරු කරන ලෙස රජයට දැනුම් දෙන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙහිදී අදහස් දැක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ

ආදිවාසීන්ට අයිතිවාසිකම් තහවුරු කරන්න කිසිම කෙනෙකුට බැරි වුණා. අපි ඊයෙ කොළඹට ආවේ, පාර්ලිමේන්තුවේ අගමැති කතානායක විපක්ෂ නායක හමු වුණා. මේ පිළිබඳව අපි දැනුවත් කළා. එක එක කාලවලදී එක එක දේවල් ඉදිරිපත් කළා. හැබැයි නීතිමය දේවල් නෙමෙයි, අපේ අයිතිවාසිකම් නීතියක් හැටියට බලාත්මක කරන්න ඉල්ලීම් කළා. අද අපි පැමිණිල්ලක් ලබා දුන්න මානව හිමිකම් කොමිසමට. රජයට කතා කරලා නිත්‍යානුකූල විසදුමක් අරන් දෙන්න කියලා.රතුගල පෝරුගම ප්‍රදේශයේ වැවෙ මාළු ඇල්ලුවා කියලා නායකයා ඇතුළු 4 දෙනෙකු වන ජීවී දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔහුට නිත්‍යානුකූල හැඳුනුම්පතක් තිබෙනවා. ඔහුගේ ජනවර්ගයට අනුකූලව කටයුතු කරන්න කියලා.
හෙට දිනයේ දී ඔවුන් ව අධිකරණයට ඉදිරිපත් කරනවා. අපි මේ පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් භාර දීල තියෙනවා. අපිට දඩයම් කිරීම පමණක් විතරක් නෙවෙයි කැලෑවට ඇතුළු වෙන එක පවා තහනම් කරලා තියෙන්නේ.

මැතිවරණ කියන්නේ මේ රටේ ජනතාවගේ අයිතියක් එක කරන්න ඕන. අපෙනුත් කට්ටිය ඉදිරිපත් වෙනවා.

මානව හිමිකම් කොමසාරිස් ජනරාල් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා..

ආදිවාසී ජනතාවගේ ජන වර්ග කීපයක නායකයෝ කීප දෙනෙක් අපි කැඳෙව්වා. දිගින් දිගටම ඔවුන්ගේ අයිතිවාසිකම් කඩ වෙනවා කියලා පැමිණි ලැබිලා තිබෙනවා. මුතූර්වල මුහුදු වැද්දන්ගේ දේපල එක එක අය අත්පත් කරගෙන තියෙනවා කියලත් පැමිණිලි ලැබිලා තිබෙනවා. රජයට කියලා නීත්‍යානුකූල පනතක් ගෙනැල්ල ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන්න කියලා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කළා අපි ඒකට එකඟ වුණා. නීති පද්ධතිය ඇති කළොත් විතරයි ඔවුන්ගේ අයිතිවාසිකම් කඩ නොවෙන්නෙ. අපි මුලින්ම ඔවුන්ට විධිමත් පිළිගත හැකි හැඳුනුම්පතක් ලබා දීමට කටයුතු කරන්න, ඔවුන්ගේ අයිතිවාසිකම් නීතියක් බවට හැරවීමට අපි ආණ්ඩුවට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට එකඟ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?