ආදිවාසීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිලා ඇත්තන් ඇතුළු ආදිවාසී ජන වර්ග කිහිපයක නායකයින් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ආදිවාසී ජන වර්ගයා ගේ අයිතිවාසිකම් කඩ වන අතර එම අයිතිවාසිකම් තහවුරු වන ලෙස නීත්‍යානුකූල පනතක් සම්මත කර තහවුරු කරන ලෙස රජයට දැනුම් දෙන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙහිදී අදහස් දැක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ

ආදිවාසීන්ට අයිතිවාසිකම් තහවුරු කරන්න කිසිම කෙනෙකුට බැරි වුණා. අපි ඊයෙ කොළඹට ආවේ, පාර්ලිමේන්තුවේ අගමැති කතානායක විපක්ෂ නායක හමු වුණා. මේ පිළිබඳව අපි දැනුවත් කළා. එක එක කාලවලදී එක එක දේවල් ඉදිරිපත් කළා. හැබැයි නීතිමය දේවල් නෙමෙයි, අපේ අයිතිවාසිකම් නීතියක් හැටියට බලාත්මක කරන්න ඉල්ලීම් කළා. අද අපි පැමිණිල්ලක් ලබා දුන්න මානව හිමිකම් කොමිසමට. රජයට කතා කරලා නිත්‍යානුකූල විසදුමක් අරන් දෙන්න කියලා.රතුගල පෝරුගම ප්‍රදේශයේ වැවෙ මාළු ඇල්ලුවා කියලා නායකයා ඇතුළු 4 දෙනෙකු වන ජීවී දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔහුට නිත්‍යානුකූල හැඳුනුම්පතක් තිබෙනවා. ඔහුගේ ජනවර්ගයට අනුකූලව කටයුතු කරන්න කියලා.
හෙට දිනයේ දී ඔවුන් ව අධිකරණයට ඉදිරිපත් කරනවා. අපි මේ පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් භාර දීල තියෙනවා. අපිට දඩයම් කිරීම පමණක් විතරක් නෙවෙයි කැලෑවට ඇතුළු වෙන එක පවා තහනම් කරලා තියෙන්නේ.

මැතිවරණ කියන්නේ මේ රටේ ජනතාවගේ අයිතියක් එක කරන්න ඕන. අපෙනුත් කට්ටිය ඉදිරිපත් වෙනවා.

මානව හිමිකම් කොමසාරිස් ජනරාල් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා..

ආදිවාසී ජනතාවගේ ජන වර්ග කීපයක නායකයෝ කීප දෙනෙක් අපි කැඳෙව්වා. දිගින් දිගටම ඔවුන්ගේ අයිතිවාසිකම් කඩ වෙනවා කියලා පැමිණි ලැබිලා තිබෙනවා. මුතූර්වල මුහුදු වැද්දන්ගේ දේපල එක එක අය අත්පත් කරගෙන තියෙනවා කියලත් පැමිණිලි ලැබිලා තිබෙනවා. රජයට කියලා නීත්‍යානුකූල පනතක් ගෙනැල්ල ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන්න කියලා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කළා අපි ඒකට එකඟ වුණා. නීති පද්ධතිය ඇති කළොත් විතරයි ඔවුන්ගේ අයිතිවාසිකම් කඩ නොවෙන්නෙ. අපි මුලින්ම ඔවුන්ට විධිමත් පිළිගත හැකි හැඳුනුම්පතක් ලබා දීමට කටයුතු කරන්න, ඔවුන්ගේ අයිතිවාසිකම් නීතියක් බවට හැරවීමට අපි ආණ්ඩුවට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට එකඟ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10