ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ පළාත් පාලන අපේක්ෂකයින් 2,400 දෙනෙකුගේ නම් නීතිමය ක්‍රියාමාර්ග සඳහා පොලිසියට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය ඉදිරි පියවර ගන්නා බවයි එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ අපේක්ෂකයින් 7,690 දෙනෙකු අවශ්‍ය පරිදි ඔවුන්ගේ මූල්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේ වෙතත්, තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් 223 දෙනෙකුගේ ආදායම් වියදම් වාර්තා කොමිසමට තවමත් ලැබී නමැති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





