ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ යන ඇතුළු ක්ෂේත්‍රයන්ද මෙයට ඇතුලත්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර දේශීය ආදායම් කොමසාරිස්වවරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස වන්නේ,
ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්,ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්,ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්,ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්,ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්,ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්,ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්,ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්,මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර) ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින් මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඔ්නෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින් දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඔ්නෑම අයෙකු ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඔ්නෑම අයෙකු
2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන්ද මෙම නව නීතියට යටත්වනවා













