AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩු පෙරළියට හිරුණිකා දින දෙයි – දැළ එලා අවසන් බව කිරිඇල්ල කියයි

ආණ්ඩුව පෙරළා දමන්නට දැනටමත් දැළ එලා අවසන්“ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

දැළ එලා තිබුණද දැල අදින්නේ අවශ්‍ය වෙලාවට බව ද කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසී ය.

මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ සමගි ජන බලවේගයේ කඩුගන්නාව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“අපි දැන්ම දැළ අදින්නේ නැහැ. සමහර විට දැළ අදින්න කලින් මේ පිරිසට ආණ්ඩුව දාලා යන්න සිදුවේවි. ඇත්ත වශයෙන්ම අද ආණ්ඩුව රට පාලනය අතහැරලා දාල තියෙන්නේ “

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පසුගියදා පුවත්පතකට සඳහන් කර තිබුණේ “මේ ජනතාව හූරාගෙන කන බොරුවෙන් දුවන ආණ්ඩුව 2023 දී ඉවරෙටම ඉවරයි. අනිවාර්යයෙන්ම පෙරළෙනවා. ජනතාවට දැන් මේ ආණ්ඩුව තිත්ත වෙලයි තියෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?