ආණ්ඩුවේ විවිධ බලපෑම් හමුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පළාත් පාලන, පළාත් සභා සභාපතිවරු පත් කිරීමේ දී නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් වෙනස් කර, ක්‍රියාත්මක කර ඇති බව සමගි ජන බලවේග පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කොළඹ පුරපති තේරීමේ රහස් ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය පරාජයට පත්වීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා අද (16) පැවැති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.
සමගි ජන බලවේගයට රටේ සභා රැසකම බලය පවතින බවත්, එය දුටු වත්මන් ආණ්ඩුව ඊට බිය වී මාර්ගෝපදේශ වෙනස් කර ඇති බවටත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.
මාර්ගෝපදේශවල 07 වැනි පිටුවේ රහස් ඡන්දයක් පැවැත්වීමේ දී එක් එක් සභිකයාගේ නම සඳහන් කර අඬ ගැසිය යුතු බවත්, එය එසේ නොකොට බලධාරීන් මාර්ගෝපදේශයන් වෙනස් කර, කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් විපක්ෂය චෝදනා කරනවා.
කෙසේවෙතත් නියමිත පරිදි මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කළ කොමසාරිස්වරුන්ට ස්තුතිය පුද කරන අතර එය උල්ලංඝනය කළ සියලු පාර්ශ්වයන්ට එරෙහිව ගත යුතු නීතිමය පියවර ගන්නා බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.





