ආණ්ඩුවේ බලපෑම් හමුවේ පළාත් පාලන සභාපතිවරු පත් කිරීමේ මාර්ගෝපදේශ වෙනස් කරලා – විපක්ෂ නායක(වීඩියෝ)

ආණ්ඩුවේ විවිධ බලපෑම් හමුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පළාත් පාලන, පළාත් සභා සභාපතිවරු පත් කිරීමේ දී නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් වෙනස් කර, ක්‍රියාත්මක කර ඇති බව සමගි ජන බලවේග පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොළඹ පුරපති තේරීමේ රහස් ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය පරාජයට පත්වීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා අද (16) පැවැති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.

සමගි ජන බලවේගයට රටේ සභා රැසකම බලය පවතින බවත්, එය දුටු වත්මන් ආණ්ඩුව ඊට බිය වී මාර්ගෝපදේශ වෙනස් කර ඇති බවටත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

මාර්ගෝපදේශවල 07 වැනි පිටුවේ රහස් ඡන්දයක් පැවැත්වීමේ දී එක් එක් සභිකයාගේ නම සඳහන් කර අඬ ගැසිය යුතු බවත්, එය එසේ නොකොට බලධාරීන් මාර්ගෝපදේශයන් වෙනස් කර, කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් විපක්ෂය චෝදනා කරනවා.

කෙසේවෙතත් නියමිත පරිදි මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කළ කොමසාරිස්වරුන්ට ස්තුතිය පුද කරන අතර එය උල්ලංඝනය කළ සියලු පාර්ශ්වයන්ට එරෙහිව ගත යුතු නීතිමය පියවර ගන්නා බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18