AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පක්ෂයක් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරයි

ලබන බදාදා (23) පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව දේශපාලන පක්ෂ කිහිපයක් නිවේදනය කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් රටේ වත්මන් ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා කැඳවනු ලැබූ මෙම සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරනු ලැබූ නවතම පක්ෂය වන්නේ ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයයි. හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් නායකත්වය දැරූ මෙම පක්ෂයේ වත්මන් නායකයා වන්නේ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් වීමද විශේෂත්වයක්.

මේ අතර රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින්ද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව අද නිවේදනය කරනු ලැබුවා.

සර්ව පාක්ෂික සමුළුවට දැනටමත් වර්ජනය කර ඇති පක්ෂ ලැයිස්තුව පහතින් :

  1. සමගි ජන බලවේගය (SJB)
  2. ලංකා කම්කරු කොංග්‍රසය (CWC)
  3. තමිල් මක්කල් තේසිය කුට්ටනි (TMTK)
  4. දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF)
  5. මහජන විමුක්ති පෙරමුණ (ජවිපෙ)
  6. පිවිතුරු හෙළ උරුමය (PHU)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සර්ව පාක්ෂික සමුළුව සංවිධානය කර තිබෙන අතර මෙම සමුළුවට සහභාගි වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට ලිඛිතව දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?