ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පක්ෂයක් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරයි

ලබන බදාදා (23) පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව දේශපාලන පක්ෂ කිහිපයක් නිවේදනය කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් රටේ වත්මන් ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා කැඳවනු ලැබූ මෙම සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරනු ලැබූ නවතම පක්ෂය වන්නේ ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයයි. හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් නායකත්වය දැරූ මෙම පක්ෂයේ වත්මන් නායකයා වන්නේ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් වීමද විශේෂත්වයක්.

මේ අතර රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින්ද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව අද නිවේදනය කරනු ලැබුවා.

සර්ව පාක්ෂික සමුළුවට දැනටමත් වර්ජනය කර ඇති පක්ෂ ලැයිස්තුව පහතින් :

  1. සමගි ජන බලවේගය (SJB)
  2. ලංකා කම්කරු කොංග්‍රසය (CWC)
  3. තමිල් මක්කල් තේසිය කුට්ටනි (TMTK)
  4. දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF)
  5. මහජන විමුක්ති පෙරමුණ (ජවිපෙ)
  6. පිවිතුරු හෙළ උරුමය (PHU)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සර්ව පාක්ෂික සමුළුව සංවිධානය කර තිබෙන අතර මෙම සමුළුවට සහභාගි වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට ලිඛිතව දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09
Video thumbnail
හොරු සෙට් එකද සාකච්ඡාවේ එකට හිටියේ ? නාමල් රාජපක්ෂගෙන් සැර පිළිතුරක්
02:57
Video thumbnail
අධිකරණ ඇමති වැරැද්ද පිළිගත්තනේ මාධ්‍ය ඉදිරියේ ?159 නිසා බේරුණේ
03:08
Video thumbnail
නාමල්, යුපුන් ගැන කට අරියි - ගෙනාව අභිමානය ලංකාවේ කිසි ආණ්ඩුවකට දිනාගන්න බෑ
01:03
Video thumbnail
ජනපති අනුරගේ පොටෝ එකක් පාර්ලිමේන්තුවේ ලීක් කරයි ?දැක්ක දේ නිසා ප්‍රසාද් සර්ටත් වැදෙයි
02:53
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
08:45:17