ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එහි සභාපති කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (03) රැස්වීමට නියමිතව තිබෙනවා.
විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නම් පිළිබඳව අද රැස්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු කිරීමට නියමිතයි.
ඒ, අනුව නව විගණකාධිපතිවරයෙක් තෝරාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අද දිනය තුළ දී සිදුකරනු ඇති.
විගණකාධිපති ලෙස කටයුතු කළ ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න විශ්‍රාම යාමත් සමඟ පසුගිය වසරේ අප්‍රේල් 08 වන දින සිට එම ධුරය හිස්ව පැවතියා.
කෙසේ වෙතත් එම ධුරයේ වැඩබැලීම සඳහා ධර්මපාල ගම්මන්පිල පත්කෙරුණු අතර ඔහුගේ වැඩබැලීමේ කාලය පසුගිය දෙසැම්බර් මස 05 වන දිනයෙන අවසන් වුණා.
මේ වන විට හිස්ව පවතින විගණකාධිපති ධුරය වෙනුවෙන් ජනාධිපතිවරයා නම් කිහිපයක් අවස්ථා කිහිපයක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ නමුත් එම නම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළේ නැහැ.



