AFC Banner
AFC Banner
Empty Ad

ආචාර්ය ජයලාල් රෝහණ රංගවේදියාණන් රසික ජන සෝසුසුම් මැද සමුගත් වගයි

විශිෂ්ට රංගන කෞශල්‍යයෙන් හෙබි අප මාතෘ භූමියට හා ශ්‍රී ලාංකේය කලා කෙත පෝෂණයට උදාර මෙහෙවරක් කළ ආචාර්ය ජයලාල් රෝහණයන් තම වසර 57ක ජිවිත කාලයේ සෑම මොහොතකම ආදර්ශවත් ජීවිතයක් ගත කළ විශිෂ්ට කලාකරුවකු හා යහපත් මනුෂ්‍යයකුද වූ බව රාජකීය පණ්ඩිත පූජ්‍ය ‍ෙදාඩම්පහළ රාහුල හිමිපාණෝ ප්‍රකාශ කළහ.

ප්‍රවීණ කලා ශිල්පි අභාවප්‍රාප්ත ආචාර්ය ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීම වෙනුවෙන් ඊයේ (14දා) කොළඹ සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශි ශාලාවේ) පැවැති චාම් උත්සවයේදී අනුශාසනාවක් කරමින් ‍ෙදාඩම්පහළ හිමියෝ මෙසේ පැවැසූහ.

මෙරට බිහිවූ විශිෂ්ට කලාවේදියකු, දේශකයකු හා ආචාර්යවරයකු වූ ආචාර්ය ජයලාල් රෝහණ මහතා පසුගිය 11දා අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතාගේ දේහය පසුගිය 13දා මහජන ගෞරවය සඳහා ඒ මහතාගේ නිවෙසේ තැන්පත් කර තිබූ අතර ඉන් අනතුරුව එදින (13දා) පස්වරු 6 සිට ඊයේ (14දා) සවස දක්වා සුදර්ශි ශාලාවේ තැන්පත් කර තිබිණි. එම දේහය පස්වරු 4.30ට පමණ ආදාහනය සඳහා බොරැල්ල කනත්තෙ පොදු සුසාන භූමිය වෙත ගෙන යනු ලැබීය.

ආචාර්ය ජයලාල් රෝහණ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ පවුලේ හිතවත්හු, සහෘද කලාකරුවෝ, ශිෂ්‍යයෝ, ඔහුගේ පාසල නියෝජනය කරන ශිෂ්‍යයෝ, මහා සංඝරත්නය, දේශපාලනඥයෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගි විය. මෙම අවසන් කටයුතු කිරීමේ අවස්ථාවට එක්වෙමින් අනුශාසනාවක් කළ පූජ්‍ය ‍ෙදාඩම්පහළ රාහුල හිමියෝ මෙසේද ප්‍රකාශ කළහ.

“අද මේ රටත් ලෝකයත් ජයලාල් රෝහණ කලාකරුවාගේ අභාවය නිසා කම්පා වී තිබෙනවා. නමුත් ජීවිතය පිළිබඳව අවබෝධ කරගෙන කාටත් අත්විඳින්නට සිදුවන මෙම මරණයේ මොහොත පිළිබඳව වටහාගෙන ජීවත් වන්නට කියලා බුදුරජාණන් වහන්සේ අපට පසක් කර දුන්නා.”

“මේ කාරණාව ඉතා මැනවින් තේරුම් අරගෙන අපේ කලා ලෝකයේ හිටපු ඉතාම වටිනා රංගධරයෙක් තමයි ජයලාල් රෝහණ මහත්මයා කියන්නේ.”

“එතුමා ගත කළ ආයු කාලය අවුරුදු 57කට කිට්ටුයි. නමුත් එතුමා එම කාල පරාසය තුළ විශාල වැඩ කොටසක් මේ රට වෙනුවෙන් කළා. ඔහු අධ්‍යාපනයෙන් ඉහළම තැනට ගියා. එතුමා උපාධිධාරියෙක්. එතුමා කැලණිය ශ්‍රී නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී එහි පීඨාධිපති මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා සමඟ ඉතා ළඟින් ඇසුරු කරමින් පර්යේෂණ කටයුතුවල නිරත වුණා.”

අග්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවුඩය ඉදිරිපත් කළ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා

“අභාවප්‍රාප්ත ජයලාල් රෝහණ මෙරට කලා ක්‍ෂේත්‍රයට කළ මෙහෙය ඉතා විශාලයි. ඒ වගේම දේශකයෙක් විධියට රටට කළ සේවය අතිමහත්. ඔහු වේදිකා නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියකු, ගුවන් විදුලි නිවේදකයකු, නාට්‍ය අධ්‍යක්ෂවරයකු, ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකයකු, දේශකයකු, ගුරුවරයකු, සමාජ මතධාරියකු, දක්ෂ කතිකයකු, ලේඛකයකු වගේම වේශ නිරූපණ ශිල්පියකු වශයෙන්ද කලා ක්‍ෂේත්‍රය දිග්විජය කළ කෙනෙක්.”

“මෙරට කලා ක්‍ෂේත්‍රයට විශාල මෙහෙයක් ඉටුකළ ජයලාල් රෝහණ මහතාට නිවන් සුව අත්වේවා කියා මෙරට අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මා ප්‍රාර්ථනා කරනවා.”

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා:

“ජයලාල් රෝහණ සහෘදයා තව අවුරුදු කිහිපයක් මෙරට ජීවත් වුණා නම් මේ රටින් බිහිවූ විශිෂ්ටතම දාර්ශනික මට්ටමේ දේශකයකු වන්නට ඉඩ තිබුණා. දේශකයකු වශයෙන් ඔහු පෑ හපන්කම් අති විශිෂ්ටයි. ඔහු තරම් දැනුමින් සන්නද්ධ කෙනකු ඇත්තටම මම දැක නැහැ.”

“ජයලාල්ට අධ්‍යාපනය හා නාට්‍ය කලාවට තිබූ දැනුම විශිෂ්ටයි. ඔහු කවදාවත් ඕපාදූප කතා කළේ නැහැ. ඔහු කතා කරන සෑම වචනයකින්ම අපට ගත හැකි සහ ගතයුතු යමක් තිබුණා. ඔහු කතා කළේම විෂයයන් ගැනයි, ධර්මය ගැනයි, ප්‍රඥාව ගැනයි, දැනුම ගැනයි. එවැනි කෙනකු මගේ පරම්පරාවෙත් මට හමුවී නැහැ. මම ඔහුගේ දැනුම රහට වශී වුණා.”

වේදිකාවත්, සිනමාවත් පුංචි තිරයත් තම රංගන කුසලතාවෙන් බබළවමින් අලුත් පරපුරකට නාට්‍ය හා රංග කලාව දැන කියා දුන් අදුරුතුමකු ලෙසද ගෞරවාදරයට පාත්‍ර වූ ජයලාල්

රෝහණ යන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදුවුණේ ඔහුට ආදරය කළ බොහෝ දෙනෙක් ගේ නෙතඟ කඳුළක් එක්කරමින් සදාතනික මතකයන් හදවත් තුළ සටහන් කරමිනි.


මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “මව්බිම” පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?