ආචාර්ය ජයලාල් රෝහණ රංගවේදියාණන් රසික ජන සෝසුසුම් මැද සමුගත් වගයි

විශිෂ්ට රංගන කෞශල්‍යයෙන් හෙබි අප මාතෘ භූමියට හා ශ්‍රී ලාංකේය කලා කෙත පෝෂණයට උදාර මෙහෙවරක් කළ ආචාර්ය ජයලාල් රෝහණයන් තම වසර 57ක ජිවිත කාලයේ සෑම මොහොතකම ආදර්ශවත් ජීවිතයක් ගත කළ විශිෂ්ට කලාකරුවකු හා යහපත් මනුෂ්‍යයකුද වූ බව රාජකීය පණ්ඩිත පූජ්‍ය ‍ෙදාඩම්පහළ රාහුල හිමිපාණෝ ප්‍රකාශ කළහ.

ප්‍රවීණ කලා ශිල්පි අභාවප්‍රාප්ත ආචාර්ය ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීම වෙනුවෙන් ඊයේ (14දා) කොළඹ සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශි ශාලාවේ) පැවැති චාම් උත්සවයේදී අනුශාසනාවක් කරමින් ‍ෙදාඩම්පහළ හිමියෝ මෙසේ පැවැසූහ.

මෙරට බිහිවූ විශිෂ්ට කලාවේදියකු, දේශකයකු හා ආචාර්යවරයකු වූ ආචාර්ය ජයලාල් රෝහණ මහතා පසුගිය 11දා අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතාගේ දේහය පසුගිය 13දා මහජන ගෞරවය සඳහා ඒ මහතාගේ නිවෙසේ තැන්පත් කර තිබූ අතර ඉන් අනතුරුව එදින (13දා) පස්වරු 6 සිට ඊයේ (14දා) සවස දක්වා සුදර්ශි ශාලාවේ තැන්පත් කර තිබිණි. එම දේහය පස්වරු 4.30ට පමණ ආදාහනය සඳහා බොරැල්ල කනත්තෙ පොදු සුසාන භූමිය වෙත ගෙන යනු ලැබීය.

ආචාර්ය ජයලාල් රෝහණ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ පවුලේ හිතවත්හු, සහෘද කලාකරුවෝ, ශිෂ්‍යයෝ, ඔහුගේ පාසල නියෝජනය කරන ශිෂ්‍යයෝ, මහා සංඝරත්නය, දේශපාලනඥයෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගි විය. මෙම අවසන් කටයුතු කිරීමේ අවස්ථාවට එක්වෙමින් අනුශාසනාවක් කළ පූජ්‍ය ‍ෙදාඩම්පහළ රාහුල හිමියෝ මෙසේද ප්‍රකාශ කළහ.

“අද මේ රටත් ලෝකයත් ජයලාල් රෝහණ කලාකරුවාගේ අභාවය නිසා කම්පා වී තිබෙනවා. නමුත් ජීවිතය පිළිබඳව අවබෝධ කරගෙන කාටත් අත්විඳින්නට සිදුවන මෙම මරණයේ මොහොත පිළිබඳව වටහාගෙන ජීවත් වන්නට කියලා බුදුරජාණන් වහන්සේ අපට පසක් කර දුන්නා.”

“මේ කාරණාව ඉතා මැනවින් තේරුම් අරගෙන අපේ කලා ලෝකයේ හිටපු ඉතාම වටිනා රංගධරයෙක් තමයි ජයලාල් රෝහණ මහත්මයා කියන්නේ.”

“එතුමා ගත කළ ආයු කාලය අවුරුදු 57කට කිට්ටුයි. නමුත් එතුමා එම කාල පරාසය තුළ විශාල වැඩ කොටසක් මේ රට වෙනුවෙන් කළා. ඔහු අධ්‍යාපනයෙන් ඉහළම තැනට ගියා. එතුමා උපාධිධාරියෙක්. එතුමා කැලණිය ශ්‍රී නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී එහි පීඨාධිපති මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා සමඟ ඉතා ළඟින් ඇසුරු කරමින් පර්යේෂණ කටයුතුවල නිරත වුණා.”

අග්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවුඩය ඉදිරිපත් කළ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා

“අභාවප්‍රාප්ත ජයලාල් රෝහණ මෙරට කලා ක්‍ෂේත්‍රයට කළ මෙහෙය ඉතා විශාලයි. ඒ වගේම දේශකයෙක් විධියට රටට කළ සේවය අතිමහත්. ඔහු වේදිකා නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියකු, ගුවන් විදුලි නිවේදකයකු, නාට්‍ය අධ්‍යක්ෂවරයකු, ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකයකු, දේශකයකු, ගුරුවරයකු, සමාජ මතධාරියකු, දක්ෂ කතිකයකු, ලේඛකයකු වගේම වේශ නිරූපණ ශිල්පියකු වශයෙන්ද කලා ක්‍ෂේත්‍රය දිග්විජය කළ කෙනෙක්.”

“මෙරට කලා ක්‍ෂේත්‍රයට විශාල මෙහෙයක් ඉටුකළ ජයලාල් රෝහණ මහතාට නිවන් සුව අත්වේවා කියා මෙරට අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මා ප්‍රාර්ථනා කරනවා.”

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා:

“ජයලාල් රෝහණ සහෘදයා තව අවුරුදු කිහිපයක් මෙරට ජීවත් වුණා නම් මේ රටින් බිහිවූ විශිෂ්ටතම දාර්ශනික මට්ටමේ දේශකයකු වන්නට ඉඩ තිබුණා. දේශකයකු වශයෙන් ඔහු පෑ හපන්කම් අති විශිෂ්ටයි. ඔහු තරම් දැනුමින් සන්නද්ධ කෙනකු ඇත්තටම මම දැක නැහැ.”

“ජයලාල්ට අධ්‍යාපනය හා නාට්‍ය කලාවට තිබූ දැනුම විශිෂ්ටයි. ඔහු කවදාවත් ඕපාදූප කතා කළේ නැහැ. ඔහු කතා කරන සෑම වචනයකින්ම අපට ගත හැකි සහ ගතයුතු යමක් තිබුණා. ඔහු කතා කළේම විෂයයන් ගැනයි, ධර්මය ගැනයි, ප්‍රඥාව ගැනයි, දැනුම ගැනයි. එවැනි කෙනකු මගේ පරම්පරාවෙත් මට හමුවී නැහැ. මම ඔහුගේ දැනුම රහට වශී වුණා.”

වේදිකාවත්, සිනමාවත් පුංචි තිරයත් තම රංගන කුසලතාවෙන් බබළවමින් අලුත් පරපුරකට නාට්‍ය හා රංග කලාව දැන කියා දුන් අදුරුතුමකු ලෙසද ගෞරවාදරයට පාත්‍ර වූ ජයලාල්

රෝහණ යන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදුවුණේ ඔහුට ආදරය කළ බොහෝ දෙනෙක් ගේ නෙතඟ කඳුළක් එක්කරමින් සදාතනික මතකයන් හදවත් තුළ සටහන් කරමිනි.


මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “මව්බිම” පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09