ආගන්තුක සත්කාර අවසන් වහාම රටෙන් යන්න – ඇෆ්ගන් සරණාගයින්ට පාකිස්ථානයෙන් දැනුම්දෙයි

පාකිස්ථානය තුළ පවතින සියලුම ඇෆ්ගන් සරණාගත කඳවුරු වසා දමන බවට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් දැනුම් දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ෂෙබාස්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ඉහළ මට්ටමේ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්ථානය තුළ සරණාගතයින් ලෙස සිටින ඇෆ්ගන් ජාතිකයන්ට තම මව්බිමට සුමටව නැවත යෑම සහතික කිරීම සඳහා පාකිස්ථාන-ඇෆ්ගන් දේශසීමාවේ අතිරේක පිටවීමේ ස්ථාන ස්ථාපිත කිරීමට ද පාකිස්ථාන රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව වහාම සිය රට බලා පිටත්ව යන්නැයි සියලු ඇෆ්ගන් සරණාගතයින්ට පාකිස්ථානය මේ වනවිට නියෝග කර තිබෙනවා.

පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සඳහන් කළේ, වලංගු පකිස්ථාන වීසා බලපත්‍ර හිමි ඇෆ්ගනිස්ථාන ජාතිකයින්ට පමණක් පාකිස්ථානය තුළ තුළ සිටීමට අවසර හිමිවන බවයි.

එමෙන්ම නීතිවිරෝධී ඇෆ්ගන් පදිංචිකරුවන්ට රැකවරණය සැලසීම බරපතල වරදක් ලෙස සලකනු ලබන බවත්, එය උල්ලංඝනය කරන්නන්ට දැඩි දඬුවම්වලට මුහුණ දීමට සිදුවන බවත් ඔහු අවධාරණය කරනවා.

දශක කිහිපයක් යුද්ධයෙන් බැට කෑ අසල්වැසියන්ට ලබාදුන් ආගන්තුක සත්කාර අදින් අවසන් වන බවයි ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර දැවැන්ත ආර්ථික හා ආරක්ෂක අභියෝග මධ්‍යයේ වුවද, මිලියන සංඛ්‍යාත ඇෆ්ගන් සරණාගතයින් කෙරෙහි පාකිස්ථානය දැක්වූ ආගන්තුක සත්කාරය අගය කළ අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී ජීවිත හා සම්පත් යන දෙකටම හානි සිදුවී ඇති බව සිහිපත් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06