ආගන්තුක සත්කාර අවසන් වහාම රටෙන් යන්න – ඇෆ්ගන් සරණාගයින්ට පාකිස්ථානයෙන් දැනුම්දෙයි

පාකිස්ථානය තුළ පවතින සියලුම ඇෆ්ගන් සරණාගත කඳවුරු වසා දමන බවට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් දැනුම් දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ෂෙබාස්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ඉහළ මට්ටමේ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්ථානය තුළ සරණාගතයින් ලෙස සිටින ඇෆ්ගන් ජාතිකයන්ට තම මව්බිමට සුමටව නැවත යෑම සහතික කිරීම සඳහා පාකිස්ථාන-ඇෆ්ගන් දේශසීමාවේ අතිරේක පිටවීමේ ස්ථාන ස්ථාපිත කිරීමට ද පාකිස්ථාන රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව වහාම සිය රට බලා පිටත්ව යන්නැයි සියලු ඇෆ්ගන් සරණාගතයින්ට පාකිස්ථානය මේ වනවිට නියෝග කර තිබෙනවා.

පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සඳහන් කළේ, වලංගු පකිස්ථාන වීසා බලපත්‍ර හිමි ඇෆ්ගනිස්ථාන ජාතිකයින්ට පමණක් පාකිස්ථානය තුළ තුළ සිටීමට අවසර හිමිවන බවයි.

එමෙන්ම නීතිවිරෝධී ඇෆ්ගන් පදිංචිකරුවන්ට රැකවරණය සැලසීම බරපතල වරදක් ලෙස සලකනු ලබන බවත්, එය උල්ලංඝනය කරන්නන්ට දැඩි දඬුවම්වලට මුහුණ දීමට සිදුවන බවත් ඔහු අවධාරණය කරනවා.

දශක කිහිපයක් යුද්ධයෙන් බැට කෑ අසල්වැසියන්ට ලබාදුන් ආගන්තුක සත්කාර අදින් අවසන් වන බවයි ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර දැවැන්ත ආර්ථික හා ආරක්ෂක අභියෝග මධ්‍යයේ වුවද, මිලියන සංඛ්‍යාත ඇෆ්ගන් සරණාගතයින් කෙරෙහි පාකිස්ථානය දැක්වූ ආගන්තුක සත්කාරය අගය කළ අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී ජීවිත හා සම්පත් යන දෙකටම හානි සිදුවී ඇති බව සිහිපත් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47


?