අෆ්රිඩිගේ ගාලූ පිලට එරෙහිව අවිශ්කගෙන් සුපිරි ඉනිමක්

අවිශ්ක ප‍්‍රනාන්දුගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ රාති‍්‍රයේ පැවති ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම එරෙහි තරගයෙන් කඩුලූ 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට  ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහීඕ අෆ්රිඩි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 175ක්. වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ නායක ශහීඕ අෆ්රිඩි පන්දු 23කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 58ක් රැස් කිරීමට සමත් වුණා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 38 යි.

පන්දු යැවීමේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ඩුආන් ඔලිවර් කඩුලූ 4ක් සහ වනිදු හසරංග කඩුලූ දෙකක් බිද හෙලූවා. 

ලකුණු 176ක ඉලක්කයක් හඹා යාම සදහා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ මිනෝද් භානුක සහ අවිශ්ක ප‍්‍රනාන්දුයි. සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 63කදී නොදැවී ලකුණු 92ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය වෙත රැුගෙන ගියා. 

සොයිබ් මලික් නොදැවී 31යි. අවිශ්ක ප‍්‍රනාන්දු සහ සොයිබ් මලික් අතර 3 වන කඩුල්ල සදහා ලකුණු 110ක නොබිදුනු සබදතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට ජය මාවත විවර කර දුන්නා.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ මොහොමඕ අමීර් සහ මොහොමඕ ශිරාස් එක් කඩුල්ල බැගින් දවා ගත්තා. තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ අවිශ්ක ප‍්‍රනාන්දුයි.

මෙවර ලන්කා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස හිටපු කී‍්‍රඩක තිළිණ කණ්ඩම්බි කටයුතු කරන අතර පාකිස්තානු කණ්ඩායමේ හිටපු කඩුලූ රකින්නෙකු වු මොයින් ඛාන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුුකරු ලෙස කටයුතු කරනවා.

ඊයේ පැවති තරගයේදී මොයින් ඛාන්ගේ පුත් අසාම් ඛාන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ කඩුලූ රකින්නා ලෙස කටයුතු කිරීමද කැපී පෙනුනා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?