අෆ්රිඩිගේ ගාලූ පිලට එරෙහිව අවිශ්කගෙන් සුපිරි ඉනිමක්

අවිශ්ක ප‍්‍රනාන්දුගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ රාති‍්‍රයේ පැවති ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම එරෙහි තරගයෙන් කඩුලූ 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට  ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහීඕ අෆ්රිඩි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 175ක්. වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ නායක ශහීඕ අෆ්රිඩි පන්දු 23කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 58ක් රැස් කිරීමට සමත් වුණා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 38 යි.

පන්දු යැවීමේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ඩුආන් ඔලිවර් කඩුලූ 4ක් සහ වනිදු හසරංග කඩුලූ දෙකක් බිද හෙලූවා. 

ලකුණු 176ක ඉලක්කයක් හඹා යාම සදහා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ මිනෝද් භානුක සහ අවිශ්ක ප‍්‍රනාන්දුයි. සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 63කදී නොදැවී ලකුණු 92ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය වෙත රැුගෙන ගියා. 

සොයිබ් මලික් නොදැවී 31යි. අවිශ්ක ප‍්‍රනාන්දු සහ සොයිබ් මලික් අතර 3 වන කඩුල්ල සදහා ලකුණු 110ක නොබිදුනු සබදතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට ජය මාවත විවර කර දුන්නා.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ මොහොමඕ අමීර් සහ මොහොමඕ ශිරාස් එක් කඩුල්ල බැගින් දවා ගත්තා. තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ අවිශ්ක ප‍්‍රනාන්දුයි.

මෙවර ලන්කා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස හිටපු කී‍්‍රඩක තිළිණ කණ්ඩම්බි කටයුතු කරන අතර පාකිස්තානු කණ්ඩායමේ හිටපු කඩුලූ රකින්නෙකු වු මොයින් ඛාන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුුකරු ලෙස කටයුතු කරනවා.

ඊයේ පැවති තරගයේදී මොයින් ඛාන්ගේ පුත් අසාම් ඛාන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ කඩුලූ රකින්නා ලෙස කටයුතු කිරීමද කැපී පෙනුනා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14