එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් සහ ලැන්කැෂයර් ප්‍රාන්ත ක්‍රිකට් වෙනුවෙන් අනගිභවනීය සේවයක් සිදු කළ පීටර් ලිවර් අභාවප්‍රාප්ත ව තිබෙනවා.
ඊයේ (27) ලිවර් මෙලොව හැරගොස් ඇති බවයි espncricinfo වෙබ් අඩවිය තහවුරු කළේ.
පීටර් ලිවර් කෙටි කලක් රෝගාතුරව සිට ඇති බවත් ඔහු ජීවිතක්ෂයට පත් වන 84 හැවිරිදි වියේ පසු වූ බවත් වාර්තා වනවා.
1970-71 අළු බඳුන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ලිවර් පසුව එංගලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.
ලීවර් 1960 සහ 70 දශකවල ක්‍රීඩා කළ කාලය තුළ ලැන්කෂයර් වෙනුවෙන් කඩුලු 1000කට ආසන්න ප්‍රමාණයක් දවා ගත්තා.
එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 17කට මෙන් ම ජාත්‍යන්තර එක්දින තරග 10කට ද එක් වූ විශිෂ්ටයෙක්.