අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ දීත් ඕස්ට්‍රේලියානු තණතීරු භාරකරුවන්ට විවේචන එල්ලවන බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.
මෙවර තරගාවලියේ පර්ත් හි පැවති පළමු තරගය සඳහා සකසා තිබූ තණතීරුව සහ මේ වනවිට මෙල්බර්න්හිදී පැවැත්වෙන සිව්වන තරගය සඳහා සකසා ඇති තණතීරුව සම්බන්ධයෙන් මෙලෙස විවේචන එල්ල වෙමින් පවතිනවා.
මේ වනවිට මෙල්බර්න්හි පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ ප්‍රතිඵලය බොහෝ දුරට තරගයේ දෙවන දිනය වන අද (27) දිනයේ ලැබෙනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.
එමෙන්ම පර්ත් හි පැවති පළමු තරගය ද, දින දෙකක් තුළ අවසන්වීම බොහෝ පිරිසකගේ විවේචනයට ලක් වුණා.
දින පහක් වෙන්කර ඇති ටෙස්ට් ක්‍රිකට් තරගයක් මේ ආකාරයන් දින දෙකක් තුළ අවසන්වීමට තණතීරු සකසන්නන් වගකිව යුතු බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.
පන්දු යවන්නන්ට පමණක් වාසිදායක ලෙස තණතීරු සැකසීම තුළින් තරගයක් නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂනයින්ට දැඩි අසාධාරණය සිදුවන බවයි විචාරකයින්ගේ මතය වී ඇත්තේ.





