AFC Banner
AFC Banner
Empty Ad

අහුංගල්ල වෙඩි තැබීම ගැන තොරතුරු එළියට (වීඩියෝ)

අහුංගල්ල ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කුඩා බිළිඳා සහ එම බිළිඳාගේ පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ වෙඩි ප්‍රහාරයෙන් මාස 4ක් වයසැති බිළිඳාගේ පාදයකට මෙන්ම පියාගේ මුඛය ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදු වී ඇති බවයි.

අඹුසැමි යුවළක් තම බිළිඳා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ අහුංගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේදීයි.

තුවාල ලැබූ කාන්තාව තවදුරටත් බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තුවාල ලබා ඇත්තේ අවුරුදු 32 සහ 27 වයස්වල පසු වූ අඹුසැමි යුවළක් සහ මාස 4ක් වයසැති ඔවුන්ගේ කුඩා බිළිඳායි.

ඔවුන් ගල්වෙහෙර ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය කියාසිටියේ.

මෙම යුවළ තම ව්‍යාපාරික ස්ථානයේ සිට නිවස බලා ගමන් කරමින් සිටියද’ී ගල් වෙහෙර ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සැඟව සිටි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.

වෙඩි තැබීමට ටී 56 වර්ගයේ අවියන් භාවිත කර ඇති බවටයි සඳහන් වන්නේ.

තුවාලකරුවන් බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා සහ බිළිඳා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අහුංගල්ල පොලිසියයි විමර්ශන සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?