අහුංගල්ල වෙඩි තැබීම ගැන තොරතුරු එළියට (වීඩියෝ)

අහුංගල්ල ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කුඩා බිළිඳා සහ එම බිළිඳාගේ පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ වෙඩි ප්‍රහාරයෙන් මාස 4ක් වයසැති බිළිඳාගේ පාදයකට මෙන්ම පියාගේ මුඛය ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදු වී ඇති බවයි.

අඹුසැමි යුවළක් තම බිළිඳා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ අහුංගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේදීයි.

තුවාල ලැබූ කාන්තාව තවදුරටත් බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තුවාල ලබා ඇත්තේ අවුරුදු 32 සහ 27 වයස්වල පසු වූ අඹුසැමි යුවළක් සහ මාස 4ක් වයසැති ඔවුන්ගේ කුඩා බිළිඳායි.

ඔවුන් ගල්වෙහෙර ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය කියාසිටියේ.

මෙම යුවළ තම ව්‍යාපාරික ස්ථානයේ සිට නිවස බලා ගමන් කරමින් සිටියද’ී ගල් වෙහෙර ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සැඟව සිටි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.

වෙඩි තැබීමට ටී 56 වර්ගයේ අවියන් භාවිත කර ඇති බවටයි සඳහන් වන්නේ.

තුවාලකරුවන් බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා සහ බිළිඳා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අහුංගල්ල පොලිසියයි විමර්ශන සිදු කරනු ලබන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39