අහස උසට ගිය එළවළු මිල පහළට

පසුගිය දිනවල අධික ලෙස මිල ඉහළ ගොස් තිබූ උඩරට එළවළු වර්ග රැසක මිල අද (16) දිනය වනවිට පහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ග රැසක මිල ගණන් අද දිනයේ තරමක් පහළ ගොස් තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය සතියේ රුපියල් 200ට පැවති නෝකොල් කිලෝවක මිල රුපියල් 130 දක්වාත්, රුපියල් 180ක්ව තිබූ ගෝවා කිලෝවක මිල රුපියල් 110ක් දක්වාත් අඩු වී තිබෙනවා.

එමෙන්ම රුපියල් 400ක්ව තිබූ කැරට් කිලෝවක් රුපියල් 250ත් 300ත් අතර අගයකට අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

රුපියලක් 200ක්ව තිබූ ලීක්ස් කිලෝවක් අද දිනයේ රුපියල් 150ක් දක්වාත්, රුපියල් 350ක් වූ වම්බටු කිලෝවක මිල රුපියල් 250ක් දක්වාත් මිලගණන් අඩු වී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පසුගිය දිනවල ඉහළ අගයක් වාර්තා කළ මාලු මිරිස් කිලෝවක් අද දිනයේ රුපියල් 300ක් ලෙසට සටහන් වී තිබෙනවා.

තක්කාලි සහ බෝංචිවල පමණක් අද දිනයේ තරමක් ඉහළ මිලක් වාර්තා වන අතර, තක්කාලි කිලෝවක් රුපියල් 400ක් සහ බෝංචි කිලෝවක් රුපියල් 500ක අගයක් ගන්නා බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

එළවළු තොග වැඩි වශයෙන් වෙළඳපොළට ලැබීමත් සමඟ මෙලෙස ඒවායේ මිල ගණන් පහළ යෑමට හේතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
9
+1
1
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?