අසීරු යුගයේ දැක්වූ දායකත්වයට ස්තූතියි – රට විරුවන්ට ජනපතිගෙන් තුති

විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටට විදේශ විනිමය උපයා දෙමින් ඔවුන් ලබාදුන් දායකත්වයට ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට එය මහත් ශක්තියත් වූ බවද ප්‍රකාශ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (21) පෙරවරුවේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්වුණු “විගමනික හරසර” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“රටට විදේශ විනිමය උපයා දී නැවත පැමිණෙන ඔබට යළිත් අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට ආණ්ඩුවෙන් සහයෝගය ලබා දී තිබෙනවා. මෙය ත්‍යාගයක් හෝ ප්‍රදානයක් නොවෙයි. ඔබ ඉටු කළ සේවය නිසා ඔබ ලබාගත් අයිතියක් බව කිවයුතුයි. විදේශගතව සිට නැවත ලංකාවට පැමිණි පසු පැරණි රැකියාවල නිරතවීමට ඇතැම් අය කැමැත්තක් දක්වන්නේ නැහැ. ජිවිතයේ ඉදිරියට යාමට එය ප්‍රමාණවත් නොවන බව ඔවුන් විශ්වාසය කරනවා. එවන් කැපවීමක් සහ ශක්තියක් තිබෙන අයට අත දීම වෙනුවෙන් මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා. එයින් සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා.
රට ආර්ථික දුෂ්කරතාවට මුහුණ දී සිටි අවස්ථාවේ ඔබ රටට විදේශ විනිමය උපයා දුන්නා. එලෙස මුදල් උපයා දුන්නේ නැතිනම් අපේ ආර්ථිකය ගොඩඟන්න බැරි වෙනවා. මම රට භාරගත්තේ රටේ ආර්ථිකය කඩා වැටී තිබූ මොහොතකයි. මට භාර ගැනීමට සිදු වූයේ ඉන්ධන, පොහොර නැති, අනාගතයක් නැති රටක්. රට ඉදිරියට ගෙන යාමේ දී පළමු මාස කිහිපය තුළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දිමට සිදු වුණා. ඔබ මුදල් එව්වේ නැත්නම් අපට එම තත්වයට මුහුණ දීමට නොහැකි වෙනවා.
ඒ, වගේම පොහොර නියමිත වේලාවට ලබාදීමට හැකි වූ නිසා පසුගිය කන්නවලදී අපට සාර්ථක අස්වැන්නක් ලැබුණා. මේ සමඟ අප රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ගියා. ඔබ රටට එවූ සෑම ඩොලරයකම විශාල වටිනාකමක් තිබුණා. ඒ වෙනුවෙන් මම සියලුදෙනාට ස්තූති කරනවා. අපට පසුගිය සිංහල අලුත් අවුරුද්ද, වෙසක් සහ පොසොන් උත්සව හොදින් සැමරීමට හැකි වුණේ ඔබ ලබා දුන් දායකත්වය නිසයි. අප මෙම තත්ත්වයෙන් ඉදිරියට ගොස් රට දියුණු කළයුතුයි. අපට හැමදාම ණය අරගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යන්න බැහැ. අප ලබාගත් විදේශ ණය ගෙවිය හැකි අන්දමින් අප මේ වන විට සහන ලබාගෙන තිබෙනවා. නමුත් ණය ගෙවූ පමණින් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අප විදේශ විනිමය වැඩිකරගත යුතුයි. අපට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය ලබාගන්නා තුරු ණය ලබාගැනීමට තිබෙනවා. ණය ගැනීමත් සමඟ අපේ ණය ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා විදේශ විනිමය ප්‍රමාණය වැඩිකර ගැනීමට කටයුතු කළයුතුයි.
විදේශ රැකියා සඳහා යන අයට විධිමත් පුහුණුවක් ලබාදීම අවශ්‍යයි. ඔබ ඔබේ සේවය නිමකර නැවත රටට පැමිණෙන විට වඩා වෘත්තීය දැනුමක් ඇති ශ්‍රමිකයෙක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන ලෙස මම ඇමතිතුමාට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම අප අපනයන ආර්ථිකයකට ගමන් කළයුතුයි. විදේශ ආයෝජන ලබා ගත යුතුයි මෙන්ම සංචාරකයන් මෙරටට ගෙන්වා ගත යුතුයි. මෙම නව මාර්ගය ඔස්සේ රට දියුණු කළයුතුයි.
ඒ, වගේම රට තුළ කෘෂිකර්මාන්තය දියුණු කළයුතුයි. එහිදී වී නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් අප කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. අප රටක් වශයෙන් නොබියව ඉදිරියට යා යුතුයි. මහා පරිමාණ සමාගම් සඳහා ආයෝජකයන් වැඩි වශයෙන් පැමිණෙනවා. එය හොද තත්ත්වයක්. ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට රජය කටයුතු කරනවා. නමුත් ඒ සඳහා පමණක් සීමා නොවි මෙරට සාමාන්‍ය ජනතාවත් නගා සිටුවීම මගේ අරමුණයි. ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ වෙනුවෙන් අස්වැසුම සහ උරුමය වැඩසටහන ආරම්භ කළා. උරුමය වැඩසටහන තුළින් රටේ සියලු ජනතාවට අයිතිය හිමි වෙනවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් අවශ්‍ය ණය ලබා දීමට රුපියල් බිලියන 50ක් වෙන් කර තිබෙනවා. රට දියුණු වන විට බිම් මට්ටමත් දියුණුව කරා ගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ තුළින් සකස් කර තිබෙනවා.
රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේදී තමන්ගේ ගමේ ආර්ථික දියුණුව තමන් බලා ගත යුතුයි.රටේ ආර්ථික දියුණුව පිළිබඳ වගකියන අතරම ගමේ දියුණුව සඳහා අවශ්‍ය ආධාර උපකාර ලබාදිම ද සිදු කරනවා. නැවත රටේ අනාගතය සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාවක් නැහැ. දේශපාලනය කියන්නේ බොරු පොරොන්දු ලබාදීම හෝ මුහුණ බලා ඡන්දය ලබා දීම නොවෙයි. තමන්ගේ අනාගතය පිළිබඳ සිතා ඡන්දය භාවිතා කළ යුතුයි. එහිදී ඔබසියලු දෙනා වෙත පැවරී ඇති වගකීම සිහිපත් කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34