අසීමිත අන්තර්ජාල පැකේජයන්ගෙන් ලංකාවම 2G දක්වා පසුබසී… සමාජ ජාලවල සුද්ද සිංහලෙන් බනිති

මෙරට අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් හඳුන්වා දී ඇති සීමා රහිත පැකේජයන් සම්බන්ධයෙන් සමාජ ජාලා වන්හි දැඩි විරෝධය පළ වෙයි.

අදාල සමාගම් වල නිල සමාජ ජාල ගිණුම් වෙත පිවිසි සමාජ ජාල පරිශීලකයන් අදාළ සමාගම් වෙත සිය දැඩි විරෝධය පල කර තිබේ.

අසීමිත අන්තර්ජාල සබඳතා යැයි පවසමින් හඳුන්වාදී ඇති පැකේජයන්හි සීමා කිරීම ඉතා ඉහළ බවට ඔවුන් චෝදනා කර ඇත.

එමෙන්ම මෙමගින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය වසර 10කින් ආපස්සට ගමන් කර ඇති බවත් මෙමගින් හඳුන්වා දීමට යෝජනා කර ඇති අන්තර්ජාල වේගය දැනට වසර 10 කට කලින් තිබුණු වේගයට සමාන වේගයක් බවටද ඔවුහු කියා සිටිති.

එමෙන්ම එම සබඳතා සඳහා නියම කර ඇති ගාස්තු සඳහා ද ඔවුන් දැඩි විරෝධය පළකරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?