අස්වැසුම පළමු වාරිකය ගෙවීම හෙට සිට – වාරික මුදල් දින 02ක් තුළ ගිණුම්වලට

දැනට තේරීපත් වී ඇති ලක්ෂ 15 වන අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නිවැරදිව තොරතුරු තහවුරු කරගෙන ඇති ප්‍රතිලාභී පවුල් ලක්ෂ 08ක් සදහා අවශ්‍ය මුදල් සඳුදා දින මහා භාණ්ඩාගාරය මඟින් බැංකු වෙත බැර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, අනුව අඟහරුවාදා හෝ බදාදා වන විට අදාළ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත ජුලි මස වාරියක ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අනුරාධපුර ප්‍රදේශයේ අද (27) පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ප්‍රතිලාභ ලැබීම සඳහා තේරීපත් ව එහෙත් බැංකු ගිණුම් ආරම්භ කිරීම ඇතුළු ගෙවීමට අදාළ මූලික අවශතා සපුරා නොමැති ප්‍රතිලාභි පවුල් ඒවා කඩිනමින් සපුරාලීමේ අවශ්‍යතාව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

දැනට ලැබී ඇති ලක්ෂ දහයක් පමණ වන අභියාචනා සහ එක් ලක්ෂ විසි දහසක් පමණ වන විරෝධතා සමාලෝචනය ආරම්භ වී ඇතැයි පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම කටයුතු අවසන් වූ වහාම අදාළ ගෙවීම් සිදු කරන බවයි.

කිසියම් පවුල් ඒකකයක් සාවද්‍ය තොරතුරු ලබා දී ප්‍රතිලාභ ලබාගත හොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අතර, ලබාගත් මුදල් නැවත අයකර ගැනීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40