අසල්වැසියාගෙන් පහර කෑ පුද්ගලයා රෝහලේදී මියගිහින්

පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා ඊයේ (27) උදෑසන මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා පෙරේදා (26) පස්වරුවේ අසල්වැසි නිවසකට ගොස් සිටියදී එම නිවසේ හිමිකරු සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබෙනවා.

එහිදී නිවෙස් හිමිකරු විසින් මෙම පුද්ගලයාට පහරදී ඇති අතර, පහරකෑමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගතකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරුඕ එම පුද්ගලයා මෙලෙස ඊයේ (27) මියගොස් ඇත්තේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 57ක අයගම, සමරුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සිදුකළ වයස අවුරුදු 40ක වන සැකකරු සමරුගම ප්‍රදේශයේ දී අයගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38