අසමානතාව අවමකර, අධ්‍යාපන ගුණාත්මකභව ඉහළ දැමීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණයි – අගමැතිනිය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය දශක ගණනාවක් තිස්සේ මුහුණ දී ඇති විවිධ ගැටලු පාසල් පද්ධතිය තුළ නිර්මාණය වී ඇති බවත් පාසල්වල තිබෙන අසමානතාවය, දරුවන්ගේ ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියේ දී බරපතල ගැටලු රාශියකට මූලික වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක අතරතුර ඇය මේ බව සඳහන්කර සිතියා.

තරගකාරී අධ්‍යාපන රටාව තුළ පාසල් දරුවන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඔවුන් මුහුණ දෙන පීඩනය, ගුරුවරුන් මුහුණ දෙන පීඩනය, විදුහල්පතිවරුන් මුහුණ පාන ගැටලු මේ සියල්ලටම මුලික වී ඇත්තේ පාසල් අතර ඇති අසමානතාවයබවත්, එය මගහැරීම සඳහා වර්තමාන රජය විශාල උත්සාහයක් දරණ බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියා.

මෙම අසමානතාවය අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් බවයි ඇය පවසන්නේ.

අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ දී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සෘජු සහභාගීත්වය, නායකත්වය, ආදර්ශය හා දායකත්වය මූලික වශයෙන් අවශ්‍ය බව ද එහිදී අගමැතිණිය එහිදී පෙන්වා දුන්නා.

අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් විෂය නිර්දේශය වෙනස් කිරීම පමණක් නොව මානව සම්පත දියුණු කිරීම, පරිපාලනමය දියුණුව, යටිතල පහසුකම් සමානව බෙදා දීම, සහ අධ්‍යාපන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම යන අංශ වලට විශේෂ අවධානය යොමු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?