අසනීප වූ මව රැගෙන යමින් සිටි පුතා රෝහල ආසන්නයේ දී අනතුරකට ලක්වෙයි

අනුරාධපුර ජෝසප් මහා විද්‍යාලය දෙස සිට ඊයේ රාත්‍රියේ පැමිණි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන රෝහල් වටරවුම මතට වැටී අනතුරට ලක් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; තම මවට ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් රථයේ රියදුරු සිය මව ව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන එමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් දෙදෙනාට ම සුළු තුවාල සිදු වී රෝහල්ගත කර ඇති බවයි.

මෝටර් රථයට සහ රෝහල් වටරවුමට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ සංචාරකයන් බහුල ව ගැවසෙන මෙන් ම රෝගීන් පැමිණෙන ප්‍රධාන ස්ථානයක් වන මෙම රෝහල් වටරවුම වටා ඇති වීදි ලාම්පු අක්‍රීය ව පැවතීම නිසා මෙම ස්ථානයේ අනතුරු කිහිපයක් සිදු වූ බවත් ඒ සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?