අසත්‍ය පුවතක් ගැන මල්වතු මහා විහාරයෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මල්වතු මහානායක හිමිපාණන්ගෙන් සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වන සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ, මහින්ද මල්වතු නා හිමියන්ගෙන් ඉල්ලයි” යන ශීර්ෂයෙන් මෙම සාවද්‍ය පුවතක් පළ කර ඇති බවයි මල්වතු මහා විහාරය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ, අනුව මෙවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් සහ ප්‍රචාරය කරමින් අනවශ්‍ය මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහා කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර තම පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලෙස මහා සංඝ රත්නයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අයැද සිටින බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එක්ස් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙය ආගමික නායකයින් ද දේශපාලන මඩ ගැසීම්වලට ඇද දැමීමට දරණ උත්සහයක් බවයි.

WhatsApp Image 2025 06 30 at 9.43.20 AM
3 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?