අසත්‍ය පුවතක් ගැන මල්වතු මහා විහාරයෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මල්වතු මහානායක හිමිපාණන්ගෙන් සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වන සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ, මහින්ද මල්වතු නා හිමියන්ගෙන් ඉල්ලයි” යන ශීර්ෂයෙන් මෙම සාවද්‍ය පුවතක් පළ කර ඇති බවයි මල්වතු මහා විහාරය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ, අනුව මෙවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් සහ ප්‍රචාරය කරමින් අනවශ්‍ය මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහා කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර තම පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලෙස මහා සංඝ රත්නයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අයැද සිටින බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එක්ස් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙය ආගමික නායකයින් ද දේශපාලන මඩ ගැසීම්වලට ඇද දැමීමට දරණ උත්සහයක් බවයි.

WhatsApp Image 2025 06 30 at 9.43.20 AM
3 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28