AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු 75ක අම්මව නුවරඑළිය සතිපොළේ දමා ගියේ ඇයි?

නුවරඑළිය පොලිසියට යාබදව පිහිටි සතිපොලට රැගෙනවිත් අතහැර දමා ගොස් ඇති අවු 75 පමණ වයසැති මහළු මවගේ භාරකරුවන් සොයා නුවරඑළිය පොලිසිය අද (31) දින විමර්ෂණයක් ආරම්භ කර ඇත.

ඊයේ(30) පස්වරුවේ එම මව සතිපොල භුමිය වෙත රැගෙනවිත් අතහැර දමා යන්නට ඇති බව සතිපොල භුමිය අවට පදිංචිකරුවන් කියා සිටි.

එම මවගේ භාරකරුවන් පිලිබදව කිසිවක් නොකියන එම මව නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ සිටි බවත්, තවත් විටක නුවරඑළිය ලබුකැලේ පදිංචිව සිටි බවට පොලිසිය වෙත පවසයි.

ඊයේ දින පස්වරු සිට නුවරඑලිය සතිපොල භුමියේ භාරකරුවෙක් නොමැති මහළු මවක් සිටින බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත නුවරඑළිය පොලිසිය විසින් අද දින විමර්ෂණයක් ආරම්භ කර ඇත.

සිය අනන්‍යතාවය තහවුරු නොකරන එම මව පිලිබදව නුවරඑළිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?