AFC Banner
AFC Banner
Empty Ad

අවුරුදු 23 ක කොල්ලෙක් හොර රහසේ ගහපු ගේම් එක

අඩි දාහතරක් උස ගංජා පැල දහයක් සමඟ තරුණයකු (04) දා අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය පවසනවා.

මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර පොලිස් බල ප්‍රදේශයේ කඩිහාර පාත්‍රාගල වත්ත පදිංචි වයස අවුරුදු 23 ක තරුණයෙක් වන අතර නිවස පිටුපස මෙම ගංජා වගාව සිදු කරගෙන ගොස් ඇත.

අත්අඩංගුවට පත් එම තරුණයා විසින් ගංජා වගාවෙන් ලබාගන්නා නිෂ්පාදන, ඇසුරුම් කළ කුඩා පැකට්ටුවක් රුපියල් 500 ක පමණ මුදලකට වසරක පමණ කාලයක සිට පොතුහැර හා රඹුක්කන ප්‍රදේශයේ පුද්ගලයන් හට අලෙවිකර ඇති බවත් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

පොතුහැර පොලිසියේ විශේෂ කාර්යංශ නිලධාරී (67477)සෙනෙවිරත්න මහතාට ලැබුනු තොරතුරකට අනුව පොතුහැර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ ප්‍රගීත් ප්‍රේමසිරි හා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රසංග මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකොට සැකකරු හා ගංජා පැළ අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු හා ගංජා පැළ අද දින ( 04 ) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අලව්ව ප්‍රදේශීය වාර්තාකරු – අධිකාරි මුදියන්සේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?