අවුරුදු 23 ක කොල්ලෙක් හොර රහසේ ගහපු ගේම් එක

අඩි දාහතරක් උස ගංජා පැල දහයක් සමඟ තරුණයකු (04) දා අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය පවසනවා.

මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර පොලිස් බල ප්‍රදේශයේ කඩිහාර පාත්‍රාගල වත්ත පදිංචි වයස අවුරුදු 23 ක තරුණයෙක් වන අතර නිවස පිටුපස මෙම ගංජා වගාව සිදු කරගෙන ගොස් ඇත.

අත්අඩංගුවට පත් එම තරුණයා විසින් ගංජා වගාවෙන් ලබාගන්නා නිෂ්පාදන, ඇසුරුම් කළ කුඩා පැකට්ටුවක් රුපියල් 500 ක පමණ මුදලකට වසරක පමණ කාලයක සිට පොතුහැර හා රඹුක්කන ප්‍රදේශයේ පුද්ගලයන් හට අලෙවිකර ඇති බවත් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

පොතුහැර පොලිසියේ විශේෂ කාර්යංශ නිලධාරී (67477)සෙනෙවිරත්න මහතාට ලැබුනු තොරතුරකට අනුව පොතුහැර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ ප්‍රගීත් ප්‍රේමසිරි හා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රසංග මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකොට සැකකරු හා ගංජා පැළ අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු හා ගංජා පැළ අද දින ( 04 ) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අලව්ව ප්‍රදේශීය වාර්තාකරු – අධිකාරි මුදියන්සේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32