AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු 15ක දැරිය අපයෝජනය කළ තවත් වෙබ් අඩවියක්

අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු සඳහා අලෙවි කර අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සහ දැරියන් අලෙවි කිරීමට වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.

රත්නපුර කලවාන ප්‍රදේශයේදී ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය එක්ව විමර්ශනයන්ට අදාළව මේ වනවිට සැකකරුවන් සහ සැකකාරියන් 46 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?