අවුරුදු තුනේ දැරිය ස්වේච්ඡාවෙන් මරණයට යවා ලෝක වාර්තා සහතිකය අතට ගත් දෙමව්පිය යුවළ (වීඩියෝ)

අධ්‍යාත්මික නායකයෙකුගේ උපදෙස් පරිදි ජෛන ආගමික පිළිවෙතක් වන ‘සන්තරා’ (මරණ උපවාසය) වෙත යොමු කිරීමෙන් පසු තුන් හැවිරිදි දැරියක් මියයාමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

දැරියගේ දෙමව්පියන් සඳහන් කළේ තම එකම දරුවා වූ වියානා ජෛනා නම් දැරිය පසුගිය මාර්තු 21 වන දින මරණයේ උපවාසයෙන් අවසන් හුස්ම හෙළූ බවයි.

සන්තරා යනු ස්වේච්ඡාවෙන් මරණය දක්වා උපවාසයේ යෙදෙන ජෛන චාරිත්‍රයක් වන අතර, මෙම පිළිවෙතට අනුව පුද්ගලයෙකු ලෝකයෙන් අධ්‍යාත්මික පවිත්‍රතාවයක් සහ වෙන්වීමක් ලබා ගැනීමේ මාධ්‍යයක් ලෙස මරණය දක්වා ආහාර සහ ජලය පරිභෝජනය ක්‍රමයෙන් අඩු කරනවා.

තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ලෙස සේවය කරන දැරියගේ දෙමාපියන් පවසන්නේ, ජෛන මුනිවරයෙකු විසින් උපදෙස් ලබා දීමෙන් පසු තම දියණියට සන්තාරා භාරය ගැනීමට ඔවුන් තීරණය කළ බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැරියගේ පියා වන පියුෂ් ජේන් පැවසුවේ, “මගේ දුවට මේ වසරේ ජනවාරි මාසයේදී මොළයේ ගෙඩියක් ඇති බව හඳුනා ගත්තා. ඇයට ශල්‍යකර්මයකට භාජනය වූ පසුව ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වුණා. නමුත් මාර්තු මාසයේදී ඇගේ තත්ත්වය නරක අතට හැරුණා. ඇයට ආහාර පාන ගැනීමට පවා අපහසු වුණා.
මාර්තු 21 වන දින රාත්‍රියේ, පවුලේ සාමාජිකයන් සමඟ බරපතල ලෙස රෝගාතුර වූ දියණියව ජෛන මුනිවරයෙක් වන රාජේෂ් මුනි මහරාජ් වෙත රැගෙන ගියා. මහාරාජ් ජී මගේ දුවගේ තත්ත්වය දැක, දැරියගේ අවසානය ආසන්න බවත්, ඇයට සන්තාරා භාරය ලබා දිය යුතු බවත් අපට පැවසුවා. මෙම උපවාසය ජෛන ආගමේ විශාල වැදගත්කමක් දරන නිසා. ඒ ගැන සිතා අපි අවසානයේ ඒ සඳහා යාමට එකඟ වුණා.”

මුනිවරයා, සන්තාරා ආගමික චාරිත්‍ර ඉටු කිරීමෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත තම දියණිය මිය ගිය බවයි ඇයගේ පියා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දැරියගේ දෙමාපියන් පවසන්නේ මෙම ජෛන ආගමික පිළිවෙත වන සන්තාරා භාරදුන් ලොව ලාබාලතම පුද්ගලයා බවට තම දියණියගේ නම ලියාපදිංචි කර ලෝක වාර්තාවක් ද නිකුත් කළ බවයි.

1
2
3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
41
+1
929
+1
177
+1
65
+1
2.1k
+1
70
+1
1.2k
Subscribe
Notify of
22 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40
Video thumbnail
"මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?" CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්..
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47