AFC Banner
Empty Ad

අවුරුදු ක්‍රීඩා පිළිබඳව පොලිසිය අවධානයෙන්

නොගැලපෙන අවුරුදු ක්‍රීඩා සිදුකළහොත් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඔහු මේ බව පැවසුවේ එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව සංස්කෘතික අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

සංස්කෘතික හා බෞද්ධ ශාසන අමාත්‍යය විදුර වික්‍රමනායක සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සඳහා එක්ව සිටියා.

සංස්කෘතිය සහ සභ්‍යත්වය රැකෙන පරිදි අවුරුදු ක්‍රීඩා සකස්කර ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එය සාම්ප්‍රදායානුකූලව සිදුවීම වැදගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියා

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ දැනට පවතින නැකත් පිළිබඳව ඔහුට යම් කළකිරීමක් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?