අවුරුදු උත්සව සඳහා අවශ්‍ය විදුලිය, විදුලි බල මණ්ඩලයට ගෙවීම් සිදුකර ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන බව රජය පවසනවා.
ඒ, අනුව අප්‍රේල් 15 සිට 19 වන දින දක්වා පැවැත්වෙන අවුරුදු උත්සව සඳහා විදුලිය, විදුලි බල මණ්ඩලය මඟින් ලබාගැනීමට හැකියව පවතිනවා.
මේ වනවිට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍ය විජිත හේරත් මේ බව දැනුම් දුන්නා.
“විවිධ අවුරුදු උත්සව සහ සංගීත වැඩසටහන් තියෙනවා. ඉතිං ඒ සඳහා විදුලිය අපි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. අවුරුදු සමයේ ඒ උත්සව සඳහා විදුලිය ලබාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒ නිසා 15 වනදා සිට 19 දක්වා අවුරුදු උත්සය සඳහා විදුලිබල මණ්ඩලයෙන් අවශ්‍ය නම් ගෙවීම් කරලා විදුලිය ලබාගන්න පහසුකම් ලබා දෙනවා”













