අවිස්සාවේල්ල රෝහලේ දුරකථන අංශයේ හදිසි ගින්නක් (ඡායාරූප)

අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ දුරකථන අංශයේ හදිසි ගින්නක් ඇති වී තිබෙනවා.

අද (25) අලුය 2.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි සැකපළ කරන්නේ.

ගින්න ඇති වූ අවස්ථාවේ දුරකථන ක්‍රියාකරු එම කාමරය තුළ රැඳී සිට ඇති අතර, ඔහු ජනේලයකින් එළියට පැන ජීවිතය බේරාගෙන තිබෙනවා.

ඊයේ (24) රාත්‍රියේ සිට විදුලි කාන්දුවක් ඇති බවට සැකකළ දුරකථන අංශය ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බව ද වාර්තා වනවා.

මෙම ගින්නත් සමඟ රෝහලේ දුරකථන පද්ධතියට හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2023 12 25 at 8.56.58 AM 1
WhatsApp Image 2023 12 25 at 8.56.57 AM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?