අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 51 වන වගන්තියෙහි විධිවිධාන අනුව, එක් එක් මුදල් වර්ෂය සඳහා අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක් මහජනතාව වෙත නිකුත් කරනු ලැබිය යුතු වනවා.

එම වාර්තාව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කරනු ලැබිය යුතුයි.

එසේම, එකී වාර්තාව පාර්ලිමේන්තුව වෙත ද ඉදිරිපත් කළ යුතු ද වනවා.

අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) – 2025 මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කර ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, ක්‍රමෝපායන් හා අභියෝග, 2025 වසරේ ආර්ථික ප්‍රවණතා, ආර්ථිකයේ සියලු ක්ෂේත්‍ර ආවරණය වන සාර්ව ආර්ථික භා සමාජ – ආර්ථික දර්ශකයන් සහ ගෝලීය ආර්ථික වර්ධනයන් පිළිබඳව විග්‍රහයක් එකී වාර්තාවේ අන්තර්ගතයි.

එමෙන්ම, රජයේ ආදායම හා වියදම, මූල්‍ය ප්‍රවාහ කළමනා කරණය, අයවැය හිඟය මූල්‍යනය කිරීම සහ ණය ව්‍යුහය ඇතුළත් සවිස්තරාත්මක විග්‍රහයක් ද එහි ඇතුළත් කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව, අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) – 2025 පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42