Indian Premier League

අවසන් T20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් සහ තුන්වැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව නායක චරිත් අසලංක තීරණය කළේ පළමු ව පිතිකරණ‍යේ වාසිය ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමට පිරිනැමීමටයි.

තරගය අද (30) පස්වරු 7ට ආරම්භ කිරීමට නියමිත ව තිබුණ ද, පල්ලෙකැලේට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වුණා.

මේ වනවිට තරගාවලියේ වැඩි වාසියත් තරගාවලි ශූරතාවත් දිනා සිටින ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම හමුවේ ලැජ්ජාවෙන් බේරීමට නම් නියත වශයෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?