අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට එක් වූ ජනපති අනුර (වීඩියෝ)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ (08) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.

අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක්ව සිටියා.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන්, විදෙස් තානාපතිවරු පිරිසක් ද එක්ව සිටි ආකාරයයි දැකගත හැකි වුණේ.

පස්වරු 06:00 පසුව විනාඩි 57ට යෙදෙන සුබ නැකැතින් වීදි සංචාරය ආරම්භ කළ අවසන් රන්දෝලි පෙරහැර, ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුව අසලින් නාථ, විෂ්ණු, පත්තිනි, කතරගම සිවු මහා දේවාල පෙරහර කැටුව පිටත් වූ පෙරහර, වැව පාර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළට විත් ගෙවැදීම සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?