අවසන් පූර්ව වටයේ පළමු තරගයේ දී ම ඉන්දියාව හදිසියේ ම තණතිල්ල මාරු කරයි ?

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ආරම්භ වීමට තව හෝරාවක් වැනි කාලයක් තිබියදී ඉන්දියාව තණතීරු මාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ වනවිට යොමු ව තිබෙනවා.

මේ හේතුවෙන් BCCI මේ වනවිට දැඩි දෝෂ දර්ශනයට නතු ව ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවසරයකින් තොරව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසිනුයි මෙම තීරණය ගනු ලැබ ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නවසීලන්තයේ හෙරල්ඩ් පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා.

හදිසියේ ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තණතීරුව මාරු කිරීමට ගත් පියවර එතරම් යෝග්‍ය නොවනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඊට හේතුව වන්නේ මෙම තණතිල්ල මත කිසිදු කණ්ඩායමක් මෙතෙක් ක්‍රීඩා කර නොතිබීමයි.

මෙම අර්ධ අවසන් පූර්ව වටයේ තරග සියල්ල ම පැවැත්වීමට සූදානම් කර තිබුණේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ මධ්‍යයේ පිහිටා ඇති අංක 07 තණ තිල්ලේයි.

පළමු අවසන් පූර්ව වටයේ තරගයට මෙතෙක් භාවිතයට නොගත් අංක 07 තණ තීරුව ප්‍රයෝජනයට ගැනීමට අපේක්ෂා කෙරුණ ද, මේ වනවිට වාර්තා වන්නේ දැනටමත් භාවිත කර ඇති අංක 06 තණ තීරුව අද තරගයට ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ ව දැනුවත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරින් බොහෝමයකට ම වට්සැප් පණිවිඩයක් ද යවා ඇති පසුබිමක මෙලෙස තණතිල්ල වෙනස් කර ඇති බවටයි.

මෙය දැඩි ලෙස කතාබහකට තුඩු දී ඇති සිද්ධියක් බවට පත් ව තිබෙනවා.

ඊට හේතුව වන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙවැනි තීරණ නිසා ඔවුන්ව ජාත්‍යන්තරය තුළ දැඩි දෝෂාරෝපණයට ලක් වීමයි.

දැනටමත් මුම්බායි හි භාවිත කර ඇති තණතීරුව මෙවර ලෝක කුසලානයේ දී දෙවරක් ම භාවිත කළ තණතිල්ලක්.

එම තණතිල්ල ඉන්දීය දඟ පන්දු යවන්නන් හට වඩාත් වාසිදායක බවත් විචාරකයින් පෙන්වා දෙනවා.

එම තණතිල්ල මතදියි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ ලකුණු 302ක දැවැන්ත පරාජයක් මෙන් ම එංගලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාව ලකුණු 229ක ජයක් ද වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
2
+1
1
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?