අවසන් පූර්ව වටයේ පළමු තරගයේ දී ම ඉන්දියාව හදිසියේ ම තණතිල්ල මාරු කරයි ?

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ආරම්භ වීමට තව හෝරාවක් වැනි කාලයක් තිබියදී ඉන්දියාව තණතීරු මාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ වනවිට යොමු ව තිබෙනවා.

මේ හේතුවෙන් BCCI මේ වනවිට දැඩි දෝෂ දර්ශනයට නතු ව ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවසරයකින් තොරව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසිනුයි මෙම තීරණය ගනු ලැබ ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නවසීලන්තයේ හෙරල්ඩ් පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා.

හදිසියේ ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තණතීරුව මාරු කිරීමට ගත් පියවර එතරම් යෝග්‍ය නොවනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඊට හේතුව වන්නේ මෙම තණතිල්ල මත කිසිදු කණ්ඩායමක් මෙතෙක් ක්‍රීඩා කර නොතිබීමයි.

මෙම අර්ධ අවසන් පූර්ව වටයේ තරග සියල්ල ම පැවැත්වීමට සූදානම් කර තිබුණේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ මධ්‍යයේ පිහිටා ඇති අංක 07 තණ තිල්ලේයි.

පළමු අවසන් පූර්ව වටයේ තරගයට මෙතෙක් භාවිතයට නොගත් අංක 07 තණ තීරුව ප්‍රයෝජනයට ගැනීමට අපේක්ෂා කෙරුණ ද, මේ වනවිට වාර්තා වන්නේ දැනටමත් භාවිත කර ඇති අංක 06 තණ තීරුව අද තරගයට ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ ව දැනුවත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරින් බොහෝමයකට ම වට්සැප් පණිවිඩයක් ද යවා ඇති පසුබිමක මෙලෙස තණතිල්ල වෙනස් කර ඇති බවටයි.

මෙය දැඩි ලෙස කතාබහකට තුඩු දී ඇති සිද්ධියක් බවට පත් ව තිබෙනවා.

ඊට හේතුව වන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙවැනි තීරණ නිසා ඔවුන්ව ජාත්‍යන්තරය තුළ දැඩි දෝෂාරෝපණයට ලක් වීමයි.

දැනටමත් මුම්බායි හි භාවිත කර ඇති තණතීරුව මෙවර ලෝක කුසලානයේ දී දෙවරක් ම භාවිත කළ තණතිල්ලක්.

එම තණතිල්ල ඉන්දීය දඟ පන්දු යවන්නන් හට වඩාත් වාසිදායක බවත් විචාරකයින් පෙන්වා දෙනවා.

එම තණතිල්ල මතදියි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ ලකුණු 302ක දැවැන්ත පරාජයක් මෙන් ම එංගලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාව ලකුණු 229ක ජයක් ද වාර්තා කළේ.

  1. INDIAN EWUN GODAK ME WAGEYI THUPPAHI JADA WEDA KARANAWA. EKA UGATH NUGATH BEDHAYAKIN THORAYI. UN RATATA ADHAREYI. PRATHIWADIYATA WASI WENA KISIMA DEKATA SULU HO IDAK THIYANNE NAHE EKE ANTHAYATA GIYAMA ME WAGEYI SADACHARATHMAKA NATHI, NEETHIYA KADAWENA JEEWAGUNAYA NATHIWENA PAHATH JADA WEDA KARANNA PELAMBENAWA. ADHA MUN NEWZEALAND WALIN PALAMU WATHAWATA KANNAMA ONA. API NZ FULL SUPPORT. INDIA IDHIMENAWA WADHIYI. EKA APITA HONDHA NAHE. INDIA WATEYI INNA RATAWAL OKKOMA DURWALA KARALA DALA THIYENNE. APITA KOTI PETALUWAN UNWA TRAIN KARALA, AYUDHA SALLI DEELA. PAKISTAN DUPPATH KAMATAMA ADHALA DAMMA, NEPAL BHUTHAN, WALA IMPORT EXPORT THIYENNE INDIA BORDER EKA HARAHA. EKEK KATA ARIYOTH GATES OKKOMA WAHALA DANAWA. DAN APE MUSALAYO GEWA GANNA BARI NAYA KANDAK ARAN INDIA,CHINA,BANGLADESH OKKOTAMA BALU KRALA THIYENNE RATAYI APIWAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21