අවසන් තරගයෙන් පසු හර්දික් පාණ්ඩ්‍යා පෙන්වූ මනුස්සකම (වීඩියෝ)

සංචාරක දකුණු අප්‍රිකාව සමඟ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ඊයේ (19) අවසන් වුණේ තරගාවලියේ ජය ඉන්දියාව හිමිකරගනිමින්.

දකුණු අප්‍රිකාව පරදා ඉන්දියාව මෙම තරගාවලිය ජයගත්තේ තරග තුනට එකක් ලෙසයි.

ලක්නව් ක්‍රිකට් ක්‍රීඩාංගණයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිව්වන විස්සයි විස්ස තරගය එකදු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවුණා.

ඒ අනුව පළමු, තුන්ව සහ පස්වන තරග ඉන්දියාව ජයගත් අතර, දකුණු අප්‍රිකාව ජයගත්තේ සිව්වන තරගය පමණයි.

දෙරට අතර පස්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ඊයේ (19) අහමදාබාද් හිදී පැවති අතර, මෙම තරගය ලකුණු 30කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙම තරගයේ දී තරගයේ වීරයා බවට පත්වන්නට ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හැකියාව ලැබුණා.

මේ අතර හර්දික් පාණ්ඩ්‍යා තරගයෙන් අනතුරුව කැමරා ශිල්පියෙක් අසළට ගොස් සිය කණගාටුව ප්‍රකාශ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාලවල සංසරණය වනවා.

පාණ්ඩ්‍යා පන්දුවට පහරදෙමින් සිටි අවස්ථාව තමා මුහුණදුන් පළමු පන්දුවටම එල්ලකරන හයේ පහර, හතරේ සීමාවෙන් එපිට, සීමාවට ආසන්නයේ කැමරාකරණයේ නියැලී සිටි කැමරා ශිල්පියෙකුගේ වම් අතේ පන්දුව වදිනවා.

එහිදී පන්දුව වැදීමෙන් දී ඔහු දැඩි වේදනාවට පත්වන අතර, ඉන්දීය කණ්ඩායමේ වෛද්‍යවරයා පැමිණ ඔහුට ප්‍රතිකාර කරනු ලබනවා.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව කැමරා ශිල්පියා අසලට පැමිණෙන හර්දික් පාණ්ඩ්‍යා ඔහුගේ තත්ත්වය විමසා සිදුවූ සිදුවීමට කණගාටුව පළකර ඔහුව වැළඳගන්නා ආකාර සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?