AFC Banner
AFC Banner
Empty Ad

අවසන් එක්දින තරගයේ පහසු ජයත් සමග ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනී

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය 2ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ දෙරට අතර අද පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 8කින් ජය ගනිමින්. අවසන් එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 97ක්.

තරගයේ කාසියේ වාසිය හිමිවූ සිම්බාබ්වේ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. ඔවුන්ගේ ඉනිමට අවස්ථා දෙකකදී වර්ෂාවෙන් දැඩි බාධා එල්ලවුණා.

පළමු අවස්ථාවේ වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය යළි ආරම්භ කෙරුණේ එක් කණ්ඩායමකට පන්දුවාර 43 බැගින් ලබාදී තීරණය කිරීමෙන් අනතුරුවයි.

එහෙත් සුලු වේලාවකින් යළිත් වැසි පතිත වීම හමුවේ තරගය තාවකාලිකව නතර කරනු ලැබුවා. පසුව රාත්‍රී 8ට යළි තරගය ආරම්භ කළේ එක් කණ්ඩායමකට පන්දුවාර 27 බැගින් ලබාදීමට ගත් තීරණයත් සමගයි.

සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 96ක් පමණයි.

Joylord Gumbie ලකුණු 41ක් රැස් කළා. සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයන් 6 දෙනෙකුම දැවී ගියේ ලකුණු 10ට අඩුවෙන් ලබා සිටියදීයි. ක්‍රීඩකයන් දෙදෙනෙක් කිසිදු ලකුණක් නොලබාම පිටියෙන් ඉවත්වුණා.

වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 7ක් බිඳහෙලුවා. වනිඳු හසරංගගේ එක්දින ක්‍රිකට් දිවියේ හොඳම කඩුලු දවා ගැනීම ලෙසට සැලකෙන්නේ ද මෙයයි.

ජනිත් ලියනගේ මහීෂ් තීක්ෂණ සහ දිල්ෂාන් මදුෂංක එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 66ක් රැස් කළා. අද එක්දින වරම් හිමි කරගත් ශෙවොන් ඩැනියෙල් ලකුණු 12යි. සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 14ක් ලබා ගත්තා. අවිෂ්ක ප්‍රනාන්දු කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත තරගාවලිය ලබන ඉරිදා (14) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ රාත්‍රී 7ටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?